Last Update  :  2025-08-13 19:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එක්දින තරගාවලිය අඳුරු වළාවකින් වැසීයයි

එක්දින තරගාවලිය අඳුරු වළාවකින් වැසීයයි

editorial - 2020 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර කේප්ටවුන්හී අද (7 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගයද කල් දැමීමට තීරණය කර තිබේ. එංගලන්ත සංචිතයේ ක්‍රිඩකයින් දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට “තහවුරු නොකළ” හදුනා ගැනීමක් ඊට හේතුවී ඇත.

ක්‍රීඩකයන්ට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඉරිදා (6 වැනිදා) පාර්ල් නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින ක්‍රිකට් තරගය දෙවැනි වරටත් අවලංගු කිරීමට සිදුවූයේය.

එංගලන්ත ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩල නිළධාරීන් මේ වනවිට ස්වයං නිරෝධායනයකට ලක් කර ඇති අතර දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් ද මේ වන විට පවතින්නේ දැඩි අවිනිශ්චිත තත්වයකි.

පළමු එක්දින තරගය පසුගිය සිකුරාදා කේප් ටවුන් හී දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කාසියේ වාසිය උරගා බැලීමට පැයකටත් අඩු කාලයක් තිබියදී තරගය 6 වැනිදා දක්වා කල් දැමීමට තීරණය කළ බව නිවේදනය කළේය. දකුණු අප්‍රිකා ක්‍රීඩකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හදුනා ගැනීම හේතුවෙන් එවර පළමු එක්දින තරගය කල්දැමීමට තීරණය කළේය.

කෙසේ වෙතත්, දකුණු අප්‍රිකානු එක්දින සංචිතයේ සියලුම ක්‍රීඩකයින් කොරෝනා වෛද්‍ය පරීක්ෂණවලින් සමත් වී ඇති බව 6 වැනිදා නිවේදනය කෙරුණු අතර, එදින පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගය නියමිත පරිදි ආරම්භක කිරීමට තීරණය කර තිබුණි. නමුත් තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට මිනිත්තු 20 කට පෙර තරගයේ ආරම්භක වේලාව ප්‍රමාද කිරීමට සිදුව ඇති බව දකුණු අප්‍රිකානු සහ එංගලන්ත ක්‍රිකට් ආයතන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටි හෝටලයේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අණාවරණය වීම ඊට හේතු වූයේය.

ඒ අනුව එංගලන්ත ක්‍රීඩකයින් යළිත් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කිරීමට 6 වැනිදා පස්වරුවේ පියවර ගෙන තිබුණි. එහි ප්‍රතිපලවලට අනුව එංගලන්ත සංචිතයේ ක්‍රිඩකයින් දෙදෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති බවට “තහවුරු නොකළ” හදුනා ගැනීමක් කර ඇති බව වාර්තා වෙයි.

දෙරටේම ක්‍රිකට් ආයතන යළිත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පළමු තරගය අත්හැර දැමීමට කටයුතු කරන බවයි. ඒ අනුව ක්‍රීඩකයින් සම්බන්ධයෙන් සිදු කෙරෙන ඉදිරි වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව දෙරට අතර පැවැත්විමට නියමිත දෙවැනි සහ තෙවැනි එක්දින තරග පැවැත්වීම පිළිබද අවසන් තීරණය ගැනීමට නියමිතව ඇත.

- 2079
 

 


අදහස් (0)

එක්දින තරගාවලිය අඳුරු වළාවකින් වැසීයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.